ජනපති මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇති අතර අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!