අනුර සජිත් සමග විවාදයට සූදානම් -මෙන්න විවාදය පැවැත්වෙන දිනය

ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි මස 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර මහතා සමග ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!