මැතිවරණය කල් යෑමේ අවදානමක්, පැෆරල් මතු කරයි

යෝජනා වී ඇති මැතිවරණ ක්‍රමය සංශෝධන ක්‍රියාමාර්ගය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුණ හොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ, මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කඩිනමින් සීමානිර්ණ කටයුතු අවසන් කළ යතු බවයි.

ඒ බව සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ, “මේ වනවිට මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මිශ්‍ර සමානුපාතික ක්‍රමයකට ගෙනයෑම පිළිබඳව තමයි මේ යෝජනාව. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම්, ඒ හරහා එහි එක කොටසක් හැටියට එන සීමානීර්ණ කිරීම නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම පිළිබඳ යම් එකඟතාවයක් තිබිය යුතුයි. යම් විදියකින් සීමානීර්ණය අවසන් නොවුණොත් ඉදිරි අගෝස්තු මාසය වෙනවිට මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලත් පවතින මැතිවරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන ආකාරයේ සංශෝධනයක් මේ කෙටුම්පත තුළ ඇතුළත් වීම අනිවාර්යයි. එහෙම නොවුණොත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලා, නීතිය සම්මත වෙලා සීමානිර්ණය අවසන් නොවී තියෙන්න පුළුවන්.” යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!