ජීන් ඇන්ටි සැමියාට වරදට සමාව දෙයි

මහජන අරගල සමයේ දී නිරන්තර පුවත් මවන්නියක වූ ‘ජීන් ඇන්ටි’ නමැත්තියගේ රුපියල් එක් ලක්ෂ පනස් නවදහසක මුදලක් සහ ජංගම දුරකථනයක් සොරකම් කිරීම සම්බන්ධව ඇය විසින් සිය සැමියාට එරෙහිව පවරා තිබූ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවට අධිකරණයට දන්වා තිබෙනවා.

මහර අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණයේ දී එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ දී යි පැමිණිලිකාර ‘ජින් ඇන්ටි’ අධිකරණයෙන් ඒ බව ඉල්ලා තිබුණේ.

මේ සම්බන්ධව සැමියා සමග සමථයකට පත් වී සිටින නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත්, මේ සම්බන්ධව එඬේරමුල්ල පොලිසියට කර තිබූ පැමිණිල්ල ද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණය හමුවේ ජින් ඇන්ටි සඳහන් කර සිටියා.

මෙහි දී මහෙස්ත්‍රාත්වරිය පවසා තිබුණේ, මෙම නඩුව සොරකමක් සම්බන්ධව නිසා එය සමථයකට පත් කිරීමට නොහැකි බවයි.

ඉන්පසුව සැකකාර සැමියා සිදු කරන ලද එම සොරකම සම්බන්ධව වරද පිළිගත් හෙයින් මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකාර සැමියාට තරයේ අවවාද කොට ඔහු මුදා හැර එම නඩුව නිමාවට පත් කර තිබෙන බව ජාතික පුවත්පතක් අද (20) වාර්තා කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!