ලාදුරු රෝගය යළිත් හිස ඔසවමින් රෝගීන් 264ක් ගොදුරු කරගනියි

ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සහ ඒඩීටී ආයතනය එක්ව ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කිරීමට Act 2 Prevent නමින් ව්‍යාපෘතියක් ඊයේ (14) ආරම්භ කර තිබෙනවා.

ලාදුරු රෝගය යනු ඉතා සෙමෙන් ව්‍යාප්ත වන නිසි අවධානයක් යොමු නොවූ රෝගයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාව රටක් ලෙස මෙම රෝගය තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින නමුත් රෝගය හා බැඳී ඇති සාධක එම ගමනට බාධාවක් වෙමින් පවතින අතර, එය බිඳ දැමීම මෙම නව වැඩපිළිවෙලේ අරමුණ වී තිබෙනවා.

එමෙන්ම, මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත සඳහන් කළේ, ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!