ඔටාවා සමුහ ඝාතනයේ ඝාතකයා ඇප ප්‍රතික්ෂේප කරයි

කැනඩාවේ ඔටාවා නගරයේ ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා පවසනවා.

පසුගිය මාර්තු මුලදී අත්අඩංගුවට ගැනුණු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසාට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ චෝදනාවක් එල්ල කර තිබෙනවා.

අධ්‍යාපන කටයුතු සඳහා කැනඩාවට ගොස් සිටින ඔහු ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී ඔහුට එරෙහි නඩුවේ මූලික විමර්ශන සඳහාත් දින වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!