ජූනි 4 සුදානම් වෙන්න – සා/පෙළ පෙනී සිටි සිසුන්ට නිවේදනයක්

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. උසස් පෙළ පන්ති ජූනි මස 04 වෙනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා.

මේ වන විට එම චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බව සඳහන් වනවා.

මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි අතර පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!