ළමා නිවාසවල දරුවන් සියල්ලන්ට ජනපති යැවූ අවුරුදු තෑගි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ. කළුතර, හා ගම්පහ දිස්ත්‍රික්කවල අද උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අලුත් අවුරුදු රස කැවිලි හා ත්‍යාග පාර්සල් තරුවන්ට බෙදා දීම අද දිනය පුරාම සිදුකර තිබෙනවා.

නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු මැයෙන් ජනාධිපති කාර්යාලය, සිලොන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩටසටන සංවිධානය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රස කැවිලි හා ත්‍යාග පාර්සල් මෙලෙස දරුවන් අතර බෙදා දී තිබෙනවා.

ඒ අනුව මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 40ක්, නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 57ක් , උතුරු මැද පළාතේ මධ්‍යස්ථාන 16ක්, උතුරු පළාතේ මධ්‍යස්ථාන 23 ක්, සබරගමුව පළාතේ මධ්‍යස්ථාන 19 ක්, දකුණු පළාතේ මධ්‍යස්ථාන 25ක්, ඌව පළාතේ මධ්‍යස්ථාන 14ක් හා බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 106ක් ඇතුළු මධ්‍යස්ථාන 336ක් ආවරණය වන පරිදි මෙම අවුරුදු ත්‍යාග පාර්සල් බෙදා දීම සිදු කර තිබෙනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!