නීතියට වැඩ කරන්නේ ‘පෞද්ගලික පාසල් 5ක් ‘ පමණයි

පෞද්ගලික පාසල් අනූපහෙන් පසුගිය වසරට අදාළ ආදායම් වියදම් වාර්තා මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයට එවා ඇත්තේ පාසල් පහකින් පමණක් බව පුවත්පත් වාර්තාවක දැක්වෙනවා.

ජනවාරි අවසානයට පෙර ආදායම් වියදම් වාර්තා එවීම අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර ඒ බව චක්‍රලේඛයක් මගින් සියලු පාසල්වලට දන්වා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!