මන්ත්‍රීවරු පිරිසක් මීළඟ ඡන්දෙ ඉල්ලන්නේ නෑ – අතේ සල්ලි නැතිලු

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇතැම් පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් දෙන්නැයි ද මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම ලොකු ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් දැනුම්දී තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!