රාජ්‍ය ඇමතිගේ රථයේ ගිනි ගැනීමක්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද (16) අලුයම 12.45ට පමණ ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැති අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ඇල්ල පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!