අද ඔබේ දේවස්ථානයට දැඩි ආරක්ෂාවක්

පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන අද (31) දිනයේ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ සිටම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ අතර එය අද දිනයේ දී තවත් විධිමත් කරනු ඇති.

දේවස්ථාන 1873ක දේව මෙහෙයන් පවත්වන අතර පොලිස් නිලධාරීන් 6522ක් පොලිස් කාර්ය බළකායේ නිලධාරීන් 320ක් සහ හමුදා නිලධාරීන් 2746ක් මේ සඳහා අනියුක්ත කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!