මහ ගසක් කොළඹ කනත්ත අසළින් මහ පාර වසයි

බොරැල්ල කනත්තේ වසර දෙසීයකට වඩා පැරණි දැවැන්ත මාර ගසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී දේවි බාලිකා පාසල අසල සිට කනත්ත වටරවුම දක්වා මාර්ගය වසා දමා තිබෙනවා.

ගස කඩා වැටීමෙන් පාරේ නවතා තිබූ වාහනයක් ද ඊට හිරව ඇති බව වාර්තා වනවා.

නගර සභා සේවකයන් විසින් අදාළ ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කනත්තේ තිබෙන සොහොන්වලටත් කඩාවැටුණු ගස නිසා හානි සිදුවී ඇති බව සඳහන් වනවා.

දේවි බාලිකා හන්දියේ සිට කනත්ත වටරවුම දක්වා (පරණ බෞද්ධාලෝක මාවතේ) ගමන් කරන රථ වාහන ගමනාගමනය ඇණ හිට තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!