විපක්ෂ නායකවරයෙක් ‘යකා නටද්දී ‘ ලෝකයම එය බලා සිටි හැටි

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ කරමින්, විවාදයට එක්වුණු ඇමැතිවරුන්ට පහර දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජෝර්ජියා විපක්ෂ නායකයා පහර දුන් සැණින්, සෙසු විපක්ෂ මන්ත්‍රීවරු ද ඇමැතිවරුන් සමඟ ගුටි බැට හුවමාරුවකට එක් වූ අතර ගුටිබැට හුවමාරුවේ දසුන් විදෙස් පුවත් ඔස්සේ සජීවීව විකාශය කෙරුණා.

ජෝර්ජියාව් පුණ්‍යායතනවලට, විපක්ෂය නියෝජනය කරන මාධ්‍ය ආයතනවලට විදේශවලින් ලැබෙන ආධාර, අරමුදල් ආදිය විනිවිදභාවයකින් ලැබිය යුතු බවත්, එම කටයුතු නියාමනයට ලක් විය යුතු බව පෙන්වා දෙමින් ජෝර්ජියා අග්‍රාමාත්‍ය ඉරාක්ලී කොබකිඞ්සේ ප්‍රමුඛ ඔහුගේ රජය නව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සැරැසෙන නිසා මෙම තත්ත්වය මතුව තිබෙනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!