කාන්තාවකගේ ‘දත් 14ක් කඩා බලය පෙන්නූ’ පොලිස් කොස්තාපල් උන්නැහේ

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අනුරාධපුර තිරප්පනේ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකි.

පහර කෑමට ලක්වූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇයගේ දත් දාහතරක් කට තුළට නෙරා ගොස් ඇති බවත් එම දත් නැවත සකස් කිරීමට ශල්‍යකර්මයක් කළ යුතු බවට දන්ත වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කර බලා නිර්දේශ කර ඇති බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!