ජාතික රෝහලෙන් සතුටුදායක පුවතක් – ගිණිකෙළි අනතුරු 0 යි

පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ගිණිකෙළි අනතුරු කිසිවක් ඊයේ (13) දිනය තුළ වාර්තා වී නොමැති බවයි වාර්තාවන්නේ.

ගතවූ පැය 24 තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!