“LPL දඹුල්ල කණ්ඩායමේ” නව හිමිකරුවන් මෙන්න

එළඹෙන LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ LPL දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බවයි.

ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants ආයතනය එම කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව එළැඹෙන LPL තරගාවලිය සඳහා “දඹුල්ල සික්සර්” නමින් එම කණ්ඩායම තරග වැදීමට නියමිතය.

Sequoia Consultants සමාගමේ බහුතර කොටස් හිමිකරු වන්නේ ප්‍රියංග ද සිල්වා ය. ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකි.