අරගලයට පහරදුන් රැසකට නාමයෝජනා නෑ..දුෂිතයන්ටත් වැට – මෙන්න පොහොට්ටුවෙන් එලවපු පිරිස් ස්වාධීනව වෙස් මුහුණු බඳින හැටි

අරගලයට පහරදුන් රැසකට නාමයෝජනා ලබා නොදීමට ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මෙවර කටයුතු කර තිබෙනවා.

එමෙන්ම පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල දුෂණ ක්‍රියා සඳහා සම්බන්ධ බවට චෝදනා එල්ලවූ වූ පුද්ගලයන්ටද මෙවර අපේක්ෂකත්වය ලබා දී නොමැති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එලෙස අපේක්ෂකත්වය අහිමිවූ පුද්ගලයන් ස්වාධින කණ්ඩායම් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ඇති අතර කොටිකාවත්ත මුල්ලේරියාව ඇතුළු ආයතන කිහිපයක් සඳහා එවැනි කණ්ඩායමක් ස්වාධීනව ඉදිරිපත් වී ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

අරගලයට පහරදීම සඳහා මුලිකත්වය ගත් පුද්ගලයෙක් කොටිකාවත්ත මුල්ලේරියාව සඳහා ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට පෙරමුණ ගෙන ඇති අතර ඔහුට නාම යෝජනා ලබාදීම පොහොට්ටුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.