දළදා ප්‍රදර්ශනයට ටොයිලට් හදන්න සුදා සල්ලි ඉල්ලයි – සුදාට සල්ලි දෙන්න එපා – මාළිගාවෙන්ම බාල්දියක්

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවලදී වැසිකිළි පහසුකම් සැපයීම සදහා රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් අවශ්‍ය බවත්, ඒ සදහා වන ආධාර තමන්ගේ බැංකු ගිණුමේ තැන්පත් කරන ලෙසටත් රංගන ශිල්පී සුදන්ත තිලකසිරි සමාජ මාධ්‍ය ඔස්සේ කළ ඉල්ලීමකට ශ්‍රී දළදා මාළිගාව විරෝධය පළ කර තිබේ.

යුනයිටඩ් ග්ලෝබල් ශ්‍රී ලංකා නැමති ආයතනය විසින් දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවලදී වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදීමට කටයුතු කරන බවට සුදන්ත තිලකසිරි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

ඒ අතරම මේ පිළිබද වීඩියෝවක්ද නිකුත් කරමින්, මුදල් තැන්පත් කිරීම සදහා තමන්ගේ බැංකු ගිණුම ඉදිරිපත් කර තිබුණි.

මේ පිළිබද ප්‍රතිචාර දැක්වූ දළදා මාළිගාව සදහන් කර ඇත්තේ වෙනත් කිසිදු පාර්ශවයකට පහසුකම් සැපයීමක් හෝ මුදල් ආධාර එක් කිරීමක් භාරදී නොමැති බවය.

එසේ මුදල් ලබා නොදෙන ලෙසට ඉල්ලා සිටිමින් දළදා මාළිගාව නිකුත් කර ඇති නිල ප්‍රකාශය මෙසේය.

”WhatsApp මඟින් හුවමාරුව වන මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් වන අතර, සිරි දළදා වන්දනාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයන අතර, ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත දැනුම්දෙන්නෙමු.”

සුදන්ත තිලකසිරි ආධාර ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ පෝස්ටුවක් පහතින් දැක්වේ. එය සුදන්තගේ නමින් වන බැංකු ගිණුමකි.

https://web.facebook.com/share/v/14vj4D2GZ4