කෙහෙළිය යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අදාළ නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ද වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!