ඉන්දිය පාලකයා තෝරන්න ‘ඡන්දය දුන්’ පළමු ලාංකික සරණාගතයා

කේ.නාලනී ඉන්දීය මැතිවරණයක දී තම ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමුවැනියා බවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොට්ටපත්තු කඳවුරේ දී ඊයේ (19) ඇය තම ඡන්දය ලබා දුන්නා.

ඇය මාධ්‍ය වෙත පවසා ඇත්තේ “ඉන්දියානුවන් ලෙස ඉන්දියාවේ බියෙන් තොරව ජීවත් වීමට හැකිවේවා” යනුවෙනුයි.

1986 අප්‍රේල් මාසයේදී එරට ශ්‍රී ලංකා සරණාගත කඳවුරේ නාලනී උපත ලබා තිබෙනවා.

ඇගේ මව්පියන් ඉන්දියානු ජාතිකයින් වන නමුත් තේ වතුවල වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර මදුරාසි මහාධිකරණය හමුවේ ඇය ඉන්දීය පුරවැසියෙකු බව තහවුරු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!