ප්‍රතිලාභ රැසක් සමග ”ජයගමු ශ්‍රී ලංකා” මෙවර ත්‍රිකුණාමලයට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය’  ජුනි මස 07 සහ  ජුනි 08 යන දෙදින පුරා  ත්‍රිකුණාමලය “Mc Heyzer” ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයකට ගැළපෙන බුද්ධිමත් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සහ ශ්‍රී ලංකික රැකියා අපේක්ෂකයින් සහ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව කේන්ද්‍ර කරගනිමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන සාර්ථකව පවත්වනු ලබනවා.

එයින් ප්‍රතිලාභ ලබන පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගපෙන්වීම අනුව අනුබද්ධිත සංවිධානයක් වන විගමණික සේවක හරසර, ගරුසරු, ස්මාර්ට් යෞවන සමාජය සහ ශ්‍රම වාසනා අරමුදල මෙම ප්‍රයත්නයේදී මහජන සුබසාධනය සඳහා ප්‍රදානයන් සිදු කරනවා. 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට පාසල් සඳහා ස්මාර්ට් පුවරු සහ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ ඇතුළු විවිධ සේවාවන් ලබා දෙනු ලබනවා.

මීට අමතරව, ජයගමු ශ්‍රී ලංකා අඩු ආදායම්ලාභී සහ සංක්‍රමණික කම්කරු පවුල් ව්‍යවසායකත්ව ප්‍රයත්නයන් සඳහා දිරිමත් කරන අතර රැකියා අවස්ථා පිළිබඳ ඉල්ලීම් පිළිබඳව දැනුවත් කිරීමද සිදුකරනවා.

මෙම වැඩසටහන හරහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තුළ ඇති සියලුම ආයතන පිළිබඳව මහජනතාව දැනුවත් කෙරෙන අතර, කොළඹ කාර්යාලයේ දී නිම කිරීමට වැඩි කාලයක් ගත විය යුතු කාර්යයන් තම අසල්වැසි ප්‍රදේශවල සිට සම්පූර්ණ කිරීමට හැකිවීම එක් සුවිශේෂී කරුණකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!