(Update) පාලමේ ගැටුණු ‘ඩාලි’ නෞකාව කොළඹ එන්නයි පිටත් වුණේ

Update: 26| 03| 2024 – 14: 15

නාවික ලුහු බැඳීමේ දත්තවලට අනුව ෆ්රැන්සිස් ස්කොට් යතුරු පාලමේ ගැටුණු ‘ඩාලි’ නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ එකක්.

දිගින් මීටර 300ක් වන අනතුරට පත් නෞකාව අද අලුයම එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරායෙන් පිටත් වී තිබූ අතර එහි ගමනාන්තය වී තිබුණේ කොළඹ වරායයි.

ඒ අනුව අදාළ නෞකාව එළඹෙන අප්‍රෙල් 22 වැනි දා පස්වරුවේ කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබුණා.


අමෙරිකාවේ සුවිශාල බැල්ටිමෝර් පාලම කඩා වැටෙයි

අමෙරිකාවේ මෙරිලන්ඩ් ප්‍රාන්තයේ, බැල්ටිමෝර් පාලම (ෆ්රැන්සිස් ස්කොට් යතුරු පාලම) පැටප්ස්කෝ (Patapsco) ගඟට කඩා වැටී තිබෙනවා.

එම ගංගාව හරහා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එම පාලමේ ගැටීමෙනුයි එම අනතුර සිදුව ඇත්තේ.

බීබීසී පුවත් සේවය බැල්ටිමෝර් නගරයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රධානී කෙවින් කාට් රයිට් (Kevin Cartwright) උපුටා දක්වමින් සඳහන් කරන්නේ, පාලම කඩා වැටීම හේතුවෙන් “පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක්” ගඟට වැටී ඇති බවයි

මේ වන විට එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ අනෙකුත් මේරිලන්ඩ් ඒජන්සි සමඟ සහයෝගයෙන් ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවත් එම පුවත් සේවය වාර්තා කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!