ලංකාවේ කච්චතිව් ඉන්දියාව රත් කරන හැටි

තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඉන්දිය මහමැතිවරණය ආරම්භ වීමට නියමිත පසුබිමක ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත පවරාදීම ඉන්දීය දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එවක ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව එය පවරාදීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දේශපාලන වේදිකාවේ දැඩි චෝදනා එල්ල කරමින් සිටිනවා.

මැතිවරණ සමයත් සමග භාරතීය ජනතා පක්ෂයේ අන්නමලෙයි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගත් අතර දේශපාලන වේදිකාවේ විවේචනයට ලක්කරමින් සිටින්නේ එමගින් ලබාගත් තොරතුරුයි.

(ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරින් සකසන ලද්දකි )

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!