උසස් පෙළ ගැන ඇමති මණ්ඩලය ගත් නව තීරණය මෙන්න

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමග පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

2023 වර්ෂයට අදාළව මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!