ඉන්දියාවට අමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමග වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමග අමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චබහාර් වරාය යනු ඉරානය, ඉන්දියාවේ සහාය ඇතිව ඉදි කරන ලද වරායකි.

ඉරානයට මධ්‍යම ආසියානු රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනු තවත් වැඩි කර ගැනීමට මෙම වරාය උපකාරී වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අමෙරිකාව සහ ඉරානය අතර අර්බුදයක් පවතින අතර, ඉරානයේ ක්‍රියාත්මක වන න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් අමෙරිකාව ඉරානයට සම්බාධක පනවා තිබෙනවා.

එසේම සෙසු රටවලට ඉරානය සමග ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසටත් අමෙරිකාව තර්ජනය කර තිබෙනවා.

චීනයේ නැගී සිටීම් මැද, ආසියානු කලාපයේ අමෙරිකාවට සිටින සමීපතම මිතුරා වන්නේ ඉන්දියාවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු රජය අතරේ පවතින්නේ ඉතාමත් සමීප ශක්තිමත් සබඳතාවකි.

‘ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම අයකු දැන ගන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රතිවිපාක විදින්න සිදුවෙනවා. කවුරු වුණත් කරන්න දෙයක් නැහැ’ යනුවෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ වක්‍රව ඉන්දියාවට තර්ජනයක් ද කරමිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!