රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන අවසන් තීන්දුව මෙන්න

පවතින රජයට රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට අවශ්‍ය වුවත් 2024 වසරේ අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආශ්‍රිත වැටුප් විෂමතා ඇතුළු වැටුප් සම්බන්ධව පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් මේ වන විට පත්කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඒ අනුව ඒ සඳහා විසඳුම් නිර්දේශ ඉදිරිපත් කර 2025 වසරට අයත් අයවැය ලේඛනය මඟින් සම්පූර්ණ විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණයකට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!