පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය වෙනුවෙන් කළ හැකි සියල්ලම කරනවා -ඇමති ටිරාන්

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වුණා.

අඛණ්ඩව පොලිස් නිලධාරී සියලු දෙනාගේ සුභසාධනය වෙනුවෙන් කළ හැකි සියල්ලක්ම ඉටු කරන බව අමාත්‍යවරයා පවසනවා.

විශාල මුදලක් වැය කර ආහාර හා නවාතැන් දීමනාව ගෙනා බවත් රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව එය ඉතා අපහසු කාර්යයක් වූ බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා ,

”නමුත් මගේ ඉල්ලීම ගරු ජනාධිපතිතුමා පිළිඅරගෙන අපට ඒ අවශ්‍ය මුදල් ලබා දුන්නා.ඒත් ඔබ සියලු දෙනා දන්නවා ජනවාරි මාසේ ඉඳන් අපිට ඒ මුළු ගාන ගෙවා ගන්න හැකියාවක් තිබුණේ නෑ.මුදල් අඩුකම නිසා.අපි පුළුවන් මාස වල මුළු ප්‍රමාණයම ගෙව්වා.නමුත් ඒ අඩුවෙච්ච ප්‍රමාණය එන ජනවාරි පෙබරවාරි මාර්තු මාස තුන ඇතුළතදී ඒ සියලු මුළු මුදල ලබා දෙනවා.මෙවැනි තත්ත්වයක් රටේ තියෙද්දී 2022 ඉඳන් තිබුණ තත්ත්වය මම කියන්න ඕන නෑ.ඔබ සියලු දෙනාම දන්නවා ඒ අමාරුකම් ඇතුළේ උනත් අපි හැමතිස්සේම බැලුවේ ඔබ සැමට කළ හැකි සෑම දෙයක්ම කරන්න.පොලිස්පතිතුමාගේ මූලිකත්වයෙන් කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු බස්නාහිර පළාත නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සියලු දෙනා එකතුවෙලා මේ පොලිසි වල කරන මේ වැඩ ගැන මම ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.එකම දේ අපි මේ සියලු දේ ඔබ වෙනුවෙන් කරනකොට මට එකම දෙයයි ඔබ සියලු දෙනාගෙන් අවශ්‍ය තමන්ගේ රාජකාරිය හරියට කරන්න.මහජනතාවගේ ප්‍රශංසා ලැබෙන විදිහට රාජකාරී කරන්න. තමන් අතරේ කවුරු හරි ඉන්නවනම්,වැරදි දේට යොමුවෙන ඒගොල්ලන්වත් හදාගන්න බලන්න.බලලා අපි එක පවුලක් හැටියට ඉදිරියට මේ රටට ලොකු සේවයක් කරන්න හිතේ තියාගන්න.ඒ මගින් මහජනතාව අපිට ඉදිරියේදී පොලිසියේ වැඩ වලට තව තවත් මහජනතාව අපිට උදව් කරයි අපිට එතකොට සුභසාධන කටයුතු තවත් වැඩිදියුණු කරන්න පුළුවන්.” යනුවෙන් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!