අපි සහෝදරත්වයෙන් ඉන්නවට කැමති නැති අය රටේ බෙදීම් ඇතිකරනවා -ඇමති මනූෂ

නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා පවත්වනු ලබන ”ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන් අද පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික්කයේදී පැවැත්වුණා.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් .

එහි අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේ

බොහෝ පිරිසකට සියල්ලන් සහෝදර එකමුතුවෙන් ජීවත්වීම බලාසිටීමට නොහැකි බවයි.

එසේම සහෝදරත්වය බලාගෙන සිටීමට නොහැකි පිරිස එක්ව රට සෑම විටම ඉතිහාසයේ සිටම රටේ ජනතාව බෙදූ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,

”1956 ඉදලම විවිධ අවස්ථාවලදී , බලය ගන්න ඕනි වුණාම තම තමන්ගේ ජාතියට ඕනි ඕනි විදිහට උතුරේ අයත් දකුණේ අයත් එකේක තැන්වල අය තමන්ගේ ඡන්දේ වෙනුවෙන් අපේ රට බෙදුවා.

එහෙම බෙදලා ආපස්සට ගෙනියපු රටක තමයි මේ දූලා පුතාලගේ අනාගතේ වෙනස් කරන්න අපේ අම්මලා තාත්තලා රට ගිහින් අද කඹුරන්නේ .

ඒක වෙනස් කරලා අපි රටක් විදිහට එකතු වුණොත් විතරයි අපිට මේ රට දියුණු කරලා ඉස්සරහට ගෙනියන්න හම්බවෙන්නේ.

අපි ඒක සිහිපත් කරලා තමයි මෙතනට ඇවිත් සිංහල භාෂාවෙන් විතරක් ජාතික ගීය ගායනා කරන්නේ නැතුව දමිල මාධ්‍යයෙනුත් අපි ජාතික ගීය ගැයුවේ අපේ තියෙන අවශ්‍යතාවය රටක් විදිහට එකතුවෙන්න ඕනි කියන එක වචනවලින් නෙවෙයි ක්‍රියාවෙන්ම අපි ඔප්පු කරලා පෙන්නන්නේ.

මේ ජාතික ගීය දෙමල භාෂාවෙන් ගයන්න 2015 වසරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණය කළාම එතුමාට බැන්නා,චෝදනා කළා.

හැබැයි අද තේරෙනවා එදා දමිල බසින් ජාතික ගීය ගයන්න ගත්ත තීන්දුව වැරදි තීන්දුවක් නෙවෙයි කියලා.

අපි රටක් විදිහට එකතුවෙන්න නම් හැමෝගෙම අදහස්වලට හැමෝගෙම හැගීම වලට ගරු කරන්න ඕනෑයි කියන එක.

ඒක තමයි බෞද්ධයෝ විදිහට බුදුදහමෙන් අපිට කියල දීල තියෙන්නේ.

අනිත් අයට මෛත්‍රී කරන්න කරුණ කරන්න සහ අනිත් අයත් එක්ක ජීවත්වෙන වැඩපිළිවෙල ” යනුවෙන් සඳහන් කළා .

https://www.facebook.com/watch/?v=1420577168619464&ref=sharing

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!