වේලාව උදෑසන හය යි…මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි… | ඒ දැවැන්ත හඬ පෞරුෂය අද අපෙන් සමුගනී

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ නිවේදිකාවක සහ රංගන ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) සිදුකිරීමට නියමිතයි.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේ දී .

ඇය මිය යන විට 73 වැනි වියෙහි පසුවූවා.

මේ වන විට ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතයි.

මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයින්ට ප්‍රවෘත්ති ඉදරිපත් කළ, රම්‍යා වනිගසේකර මහත්මිය චරිතාංග රංගන ශිල්පිනියක, ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකාවක සහ පසුබිම් ගායිකාවක ලෙස ද දැවැන්ත පෞරුෂයක් හිමි කරගෙන සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!