ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය “DSI” 30වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රබර් ආශ්‍රිත නිෂ්පාදන සන්නාමයක් වන DSI අනුබද්ධිත Samson Rubber Products Pvt Ltd (SRP) ආයතනය ඔවුන්ගේ ව්‍යාපාරයේ 30 වෙනි සංවත්සරය පසුගියදා සමරනු ලැබුවා.

ඊට සමගාමීව විශේෂ වැඩසටහන් මාලාවක් ගාල්ල බටදූව ප්‍රධාන කර්මාන්තශාලා පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්වූවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතා සහ රණතුංග රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඒ සඳහා දේශපාලනඥයින්, විධායක නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා.

මෙහිදී ආයතනයේ ප්‍රගමනය වෙනුවෙන් කැපවූ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද, සංඝගත දක්ෂිණාවක් ද සංවිධානය කර තිබූ අතර, ආයතනයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපවූ සේවකයින් අගයමින් ඔවුන් වෙත සුවිශේෂී සම්මාන ප්‍රදානයක් ද සිදු කෙරුණා.

එමෙන්ම විවිධ සංස්කෘතිකාංග සහ ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයකින් මෙම වැඩසටහන් මාලාව විචිත්‍රවත් වුණා.

1994 වසරේදි ව්‍යවසායක රණතුංග රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි SRP ආයතනය රබර් ආශ්‍රිත නව නිපැයුම් දාමයක් සමගින් අඛණ්ඩ සැපයුම් ජාලයක් ඔස්සේ ශ්‍රි ලංකාව පුරා මෙන්ම අමෙරිකාව, යුරෝපය ඇතුලු රටවල් සමූහයකට ව්‍යාප්ත කිරීමට සමත් වී තිබෙනවා.

පරිසර හිතකාමීව, තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරාගනිමින් රබර් ආශ්‍රිත නිෂ්පාදන මෙරට ප්‍රධානතම කර්මාන්තශාලා තුනක් මගින් වෙළඳපලට නිකුත් කරන අතර කර්මාන්ත ආශ්‍රිත, ප්‍රවාහන, කෘෂිකාර්මික, ධීවර, ක්‍රීඩා, ඉදිකිරීම් ආදී විශේෂිත ක්ෂේත්‍රයන් රැසක රබර් ආශ්‍රිත අවශ්‍යතා විශ්වාසනීයත්වයෙන් යුතුව සැපයීමේ පුරෝගාමි ආයතනයක් බවට පත්වීමටත් එම ආයතනයට හැකියාව ලැබුණා.

එමෙන්ම නවීන තාක්ෂණික උපාංග මෙන්ම 500 කට අධික ප්‍රවීණ කාර්මික සේවක මණ්ඩලයක් හා කළමනාකාරීත්වයක් හරහා වෙළඳපොළ ඉලක්ක සපුරා ගැනීමට හැකිව තිබෙනවා.

එක් කණ්ඩායමක් ලෙස සේවය කිරීම, සෑම විටම සමාජ වගකීම හඳුනාගෙන කටයුතු කිරීම, වඩා විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරීම, විශිෂ්ට වෘත්තියභාවය මෙන්ම පාරිභෝගික අදහස් හා යෝජනා වලට සාධනීයව අනුගත වූ ආයතනයක් ලෙස මේ වන විටත් DSI ආයතනය විශිෂ්ටත්වයේ පාත්‍රත්වයට පත්ව තිබීම විශේෂ කොට සළකන්න පුළුවන්.

ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු නිෂ්පාදන ක්‍රම ඔස්සේ සුවිශේෂි ටයර් නිෂ්පාදනයන් වෙළඳපොළට ඉදිරිපත් කරන අතර ඒ හරහා දීර්ඝ කාලීනව එම නිෂ්පාදන භාවිතා කළ හැකි වීම, ඒ සඳහා වන පිරිවැය අවම වීම, වැඩි ධාවන කාලය මගින් පාරිභෝගිකයන්ට ලැබෙන ලාභය උපරිම වීම පදනම්ව මෙම නිෂ්පාදන විදේශ වෙළඳපොළවල් රාශියක ව්‍යාප්ත කිරීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම SRP සමාගම ලබාගෙන ඇති ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර හේතුවෙන් ජර්මනිය, චීනය, සිංගප්පූරුව, ඉතාලිය, මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, ප්‍රංශය, ඩෙන්මාර්කය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ආදි රටවල් ද අපනයන ජාලය පුළුල් කිරීමට සමත්ව තිබෙනවා.

එමඟින් වසරකට මෙරටට ගෙන එන විදේශ විනිමය තුළින් රටේ ආර්ථිකයේ ඉදිරි ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලැබෙනවා.

සැම නිෂ්පාදනයක්ම නිරන්තර තත්ත්ව පරීක්ෂාවන්ට භාජනය කිරීම හා ජාත්‍යන්තර ප්‍රමිතීන් මත පදනම්ව නිෂ්පාදන සිදු කිරීම තුලින් SRP සමාගම ප්‍රමිතිගතකරණයේ හිනිපෙත්තටම පැමිණ තිබෙනවා.

රබර් නිෂ්පාදනයන් ඔබ්බට ගොස් ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ද එම ආයතනය යොමු වුණා.

ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට භාජනය කිරීමට හැකි නිෂ්පාදනයන් ඔස්සේ දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොල තුළ ප්‍රමුඛතම රබර් ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක් බවට පත්ව තිබෙනවා.

Samson Rubber Products අනුබද්ධිත සමාගමක් වන Mount Spring ආයතනය මෙරට වතුර බෝතල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අතර, තරු පන්තියේ අවන්හල්, සුපිරි වෙළඳසැල්, රෝහල් ඇතුළු ආයතන රාශියකට සෞඛ්‍යාරක්ශිතව පානීය ජලය සැපයීමේ සුවිශේෂී සන්නාමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!