විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගීතා කොමිසමේ තීරණය කල්යයි

නව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය යොමුකර ඇති යෝජනාවලියට අනුමැතිය ලබාදීම ජූලි මස මැද බාගය පමණ වන විට සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කොහොම වුණත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජූලි මස 01 වනදා සිට විදුලි ගාස්තු අඩු කරන බවයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ විදුලිබල මණ්ඩලය මගින් යොමුකර ඇති නව ගාස්තු සංශෝධන පිළිබඳ යෝජනාව සඳහා මහජන අදහස් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

පසුව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් නිගමනය ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දෙන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එම අවසන් නිගමනය ලබාදීම ජුලි මස දෙවන සතිය වන විට සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!