චරිත හේරත් සහ තිස්සට අනුර දිනුවොත් යස පාඩමක්

තම රජයක් යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ චරිත හේරත් සහ තිස්ස අත්තනායක අධිකරණයට කැඳවීමට කටයුතු කරන බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මීරිගමදී ඔහු සඳහන් කළේ

“සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ නැවත පැරණි ආගම්වාදී ජාතිවාදී කථා හැර වෙන කිසිම කථාවක් නැහැ. තිස්ස අත්තනායක මහනුවරට ගිහිල්ලා කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් පෙරහර නතර කරනවා කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ චරිත හේරත් කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහර නතර කරනවා කියලා. ඕවා කියපු හැම දෙනාම අපි පෙරහරේ අධිකරණයට ගෙන්නවා.” යනුවෙනුයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!