මැතිවරණ ප්‍රචාරණ කටයුතු තැපෑල හරහා නොමිලේ

ජනාධිපති අපේක්ෂකයින් හට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අනෙකුත් ලියකියවිලි තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මෙම සේවාව නොමිලේ සැපයෙන බවයි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති සංග්‍රහයන් සහ අනෙකුත් ලියකියවිලි කිසිදු වියදමකින් තොරව බෙදා හැරීමට අවස්ථාව හිමිවනවා.