අසත්‍ය තොරතුරු බෙදාහැරියාට මාධ්‍යවේදියෙකු අත් අඩංගුවට

රුසියානු හමුදාව පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කිරීම පිළිබඳව වරදකරු කරමින් එරට මාධ්‍යවේදියෙකුට වසර අටක සිර දඬුවක් නියමකර තිබෙනව.

එලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ ”සර්ජි මිහයිලොව් ” නම් මාධ්යවේදියෙකුටයි.

ඇල්ටයි කඳු පාමුල පිහිටා ඇති දකුණු ඇල්ටයි කලාපයේ නගරයක් වන ගොර්නෝ ඇල්ටයිස්ක් [ Gorno Altaysk ] හි අධිකරණයකදියි මෙලෙස නඩු පවරා තිබෙන්නේ.

එහිදි අධිකරනය පවසා ඇත්තේ 48 හැවිරිදි ”සර්ජි මිහයිලොව් ” දේශපලන වෛරයෙන් පෙළෙන බවයි.

මේ අතර ”සර්ජි මිහයිලොව් ” හට මාධ්‍ය සහ ප්‍රකාශන කටයුතු සඳහා වසර හතරක තහනමක් ද අධිකරණය විසින් පනවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ළිස්ටොක් හි මාධ්‍යවේදියෙකු සහ කර්තෘවරයෙකු වන මිහයිලොව් අත්අඩංගුවට ගනු ලැබුවේ යුක්රේනයේ ක්යිව් අගනුවරට වයඹ දෙසින් පිහිටි බුචාහි සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ මරියපෝල් නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලකර ඝාතන සිදු කිරීම පිළිබඳව ටෙලි ග්‍රෑම්නාලිකාවක සහ වෙබ් අඩවියක තොරතුරු පලකිරීම සම්බන්ධවයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදි ” සර්ජි මිහයිලොව් ” විසින් චෝඅදනා ප්‍රතික්ෂේප කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!