රු1000ක කේක් කිලෝව රු400ට බස්සන හැටි

බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩුකර මාජරින් සඳහා පනවා ඇති බද්ද ඉවත් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට ලබාදිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසනවා.

දැනට කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වනවා.

බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දමන බව ද ඔහු පවසනවා.

මාජරින් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 900ක බද්ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400කට ලබා දිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!