කැරට් කැබැල්ලකට බිළිවූ බිළිඳා

කැරට් කැබැල්ලක් උගුරේ සිරවීම නිසා මාස 17ක සිඟිත්තෙකුගේ දිවි අහිමි වූ පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාලියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි සවීන් දුල්සඳ නැමති කුඩා සිඟිති දරුවායි.

මව ආහාර පිසමින් සිටින අවස්ථාවේ මියගිය දරුවාගේ සහෝදරිය වූ අවුරුදු 4ක් වූ පුංචි දියණිය තම මල්ලීට කැරට් කැබැල්ලක් ලබාදී තිබෙනවා.

එසේ ලබාදුන් කැරට් කැබැල්ල දරුවාගේ උගුරේ සිරවී ඇති අතර, පසුව මව සහ පියා එක්ව කැරට් කැබැල්ල පිටතට ගැනීමට උත්සාහ දරුවත් එය අසාර්ථක වීම නිසා 1990 ගිලන්රථයකින් දරුවාව නොච්චියාගම රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

පසුව දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එම්. ඒ. සී ගුණතිලක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, දරුවාගේ උගුරේ කැරට් කැබැල්ල සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!