ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමේ උත්සාහය

ගාසා ගැටුමේදී සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් හමාස් නායකයන් සමග එක්ව ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුව පැවරූ පුද්ගලයාව කෝපයෙන් හෙළා දැක තිබෙනවා.

“ප්‍රජාතන්ත්‍රවාදී ඊශ්‍රායලය” ඔහු “සමූහ මිනීමරුවන්” ලෙස හැඳින්වූ අය සමග සැසඳීම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවත් නෙතන්යාහු පවසනවා.

නෙතන්යාහු මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සමානත්වයක් නොමැති බවයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකයා වන කරීම් ඛාන් පවසා ඇත්තේ ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නෙතන්යාහු සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) සාපරාධී වගකීම දරන බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.

ගාසා තීරයේ හමාස් නායකයාට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තුවක් ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය අපේක්ෂා කරනවා.

ඊශ්‍රායල සහ හමාස් නායකයින්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින්, පුද්ගලයන් 1,200ක් පමණ මරා දමා තවත් 252 දෙනෙකු නැවත ගාසා තීරයට ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන යාමේ සිදුවීම් සම්බන්ධයෙන්ය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය සිය ස්ථාවරය ආරක්ෂා කරමින් කියා සිටියේ, “සැලකිය යුතු උත්සාහයන්” නොතකා, “චෝදනා කරන ලද අපරාධ හෝ විමර්ශනයට ලක්ව සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දේශීය මට්ටමින් සැබෑ ක්‍රියාමාර්ගයක් පෙන්නුම් කර ඇති කිසිදු තොරතුරක් තමන්ට ලැබී නොමැති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!