මහමෙරක් වැඩ කළ ‘සර්වෝදය නියමුවන්’ අද දැයෙන් සමුගනී

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ,කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතවයි.

ඒ මහතාගේ දේහය සඳහා අවසන් ගරුත්වය දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ සහභාගී වුණා.

1931 වසරේ නොවැම්බර් 5 වනදා ගාල්ල උණවටුනේ උපත ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්වන ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කර පළමු සර්වෝදය ශ්‍රමදාන කඳවුර පවත්වන්නේ නාලන්ද විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් එකතු කරගනිමිනුයි.