හරක් කටා ඉල්ලන පහසුකම් මෙන්න

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඉල්ලා සිටින පහසුකම් ලබාදීමට හැකිද යන්න අප්‍රේල් මස 08 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නීතිපතිවරයාට නියෝග කර සිටියා.

ඒ,ඉදිරිපත් කර තිබූ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ නීතිඥවරු හමුවී උපදෙස් ලබා දීම සඳහා ලබා දෙන කාලය පැයක් දක්වා වැඩි කරණ ලෙස සහ විත්තිකරු රඳවා ඇති ස්ථානයේ ආරක්ෂක කැමරා තිබේද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස ද මව, පියා සහ බිරිඳ හමුවීමට පැයක් ලබාදෙන ලෙස ද දරුවා සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස ද පිටතින් ආහාර ලබා ගැනීමට අවසර දෙන ලෙස ද එහිදී ඉල්ලීම් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!