මගීන් 346 දෙනෙකුට මරු කැඳවමින් 2018 වසරේ සහ 2019 වසරේ සිදුවූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා අනතුරු දෙක සම්බන්ධයෙන් වරද පිළිගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සඳහා බෝයිං සමාගම වරද පිළිගනු ඇති බවත් එම මාරක අනතුරු දෙකෙන් පසුව බෝයිං සමාගම භාවිත කරන ආරක්ෂක උපක්‍රම වෙනස් කරන බවට පොරොන්දු වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
එසේම එම සමාගම සහ නීතිපති දෙපාර්තමේන්තුව එළඹි ගිවිසුම බෝයිං සමාගම උල්ලංඝනය කර තිබීම සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල වීමට හේතුව බවත් එම වාර්තාවල සඳහන් වනවා.
අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව සහ බෝයිං සමාගම ඇති කරගත් නව එකඟතාව අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට එම සමාගම වරද පිළිගනු ඇති බව හා එසේ නොකළොත් බෝයිං සමාගමට එරෙහිව අපරාධ නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එකඟතාවය යටතේ අමරිකානු ඩොලර් මිලියන 243.6 ක මුදලක් දඩ වශයෙන් ගෙවනු ඇති බවත් තවත් අමරිකානු ඩොලර් මිලියන 455 ක මුදලක් ආරක්ෂක වැඩසටහන් සහ පෙර ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යොදවනු ලබනවා.
නමුත් මෙම එකඟතාවයට අමරිකානු විනිසුරුවරයාගේ අනුමැතිය ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කරනවා.
නමුත් මෙම එකඟතාවයට 2018 සහ 2019 වසරේදී සිදුවුණු අනතුරුවලින් මියගිය ගුවන් මගීන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.