හෙට ගුරු විදුහල්පති උද්ඝෝෂණයක්

හෙට (12) පස්වරු 1න් පසුව සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඒ අනුව හෙට දහවල් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන 101ක් ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවයි ඔහු පවසන්නේ.

ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන්ගේ කර මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන හෙට පාසල් අවසන්වීමෙන් පසුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිත බවයි ඒ මහතා පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!