වැඩිහිටි ජනගහනයේ ඉහළ යාමක්

ලංකාවේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ මෙරට උපතේ දී ආයු කාලය අවුරුදු 79 ඉක්මන බවයි.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නවතම ඇස්තමේන්තුවට අනුව කාන්තාවන්ගේ ආයු කාලය වයස අවුරුදු 83 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මේ නිසා වැඩිහිටි ජනගහනයත් ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

වෛද්‍යවරයා පවසන්නේ එසේ ආයු කාලය වැඩිවීම තවත් එක ප්‍රශ්නයක් බවයි.

එම නිසා ඉදිරි වසර 5 තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාථමික සෞඛ්‍ය ආයතනවල සහ පළාත්සභා රෝහල්වල විශාල ප්‍රතිසංස්කරණ කාර්යක් සිදුකරනු ලබනවා.

ඒ කටයුත්තු සඳහා බිලියන 70ක පමණ මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන බවත් වෛද්‍යවරයා පවසනවා.

එසේම රෝග ආවේක්ෂණය තවත් ශක්තිමත් කළ යුතු බව පැවසු වෛද්‍යවරයා වසංගත රෝග විද්‍යා ඒකකය තුළත් වෙනස්කමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළා.

එම මාධ්‍ය හමුවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ මෙරට පැවති ඖෂධ හිඟය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.