IMF තෙවන වාරිකය අනුමත වුණත් ආර්ථිකයේ අවදානමක් ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ දෙවන වාරිකය අනුමත කිරීමෙන් පසුව එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.

ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව අදාළ ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සපුරාගෙන ඇති බවයි.

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති බවත්, උද්ධමනය අඩු මට්ටමක පවතින බවත්, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතින බවත් කෙන්ජ් ඔකමුරා මහතා පවසා තිබෙනවා.

කෙසේවෙතත් මෙම ධනාත්මක ආර්ථික වර්ධනයන් නොතකා ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයට පත්වීම තවමත් ප්‍රමාද වී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව පෙන්වාදෙන නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා ,රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මුල්‍ය විනය වැඩිදියුණු කිරීමට උපකාරි වන අතර ණය කලමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ද අවශ්‍ය බවත් ප්‍රකාශ කරනවා.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායිතාවයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහය විය යුතු බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවන සමාලෝචනය අනුමත කළා.

එලෙස අනුමැතිය හිමිවුණේ ඊයේ (12) දිනයේදියි.

ඒ අනුව මාස 48ක් සඳහා ක්‍රියාත්මක වන විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් තෙවන වාරිකය යටතේ ශ්‍රී ලංකාවට ලැබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!