චීනයේ අධිවේගී මාර්ගයක් නායයයි – 36කට ජීවිත අහිමිවෙයි (VIDEO)

දින ගණනාවක් ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගිණිකොනදිග චීනයේ ග්‍රාමීය ප්‍රදේශයක අධිවේගී මාර්ගයක අඩි 60කට ආසන්න කොටසක් ඊයේ (01) දිනයේදී නායගොස් තිබෙනවා.

මේ වනවිට පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එරට රාජ්‍ය ප්‍රවෘත්ති පවසන්නේ , දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්, රියදුරන් සහ මගීන් බරපතල අස්ථි බිඳීම් සහ අභ්‍යන්තර අවයවවල තුවාල ලබා ඇති බවයි.

මාර්ගයේ මීටර 18ක පමණ කොටසක් මෙලෙස නායයෑමට ලක්ව ඇති අතර ඉන් රථ වාහන 20ක් පමණ අනතුරට ලක්ව තිබෙනවා.

ඉකුත් සෙනසුරාදා, දුර්ලභ සුළි කුණාටුවක් සහ හිම කුණාටුවකින් දකුණු චීනයේ නිෂ්පාදන මධ්‍යස්ථානයක සිට අසල්වැසි ගුවැන්ෂු නගරයට ගසාගෙන ගොස් පස් දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!