සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
කෑගල්ල , බදුල්ල , නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභ යටතේ රු. 2,500 දීමනාව මෙලෙස ලබාදීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර දීමනාව නොලැබූ සියලුදෙනාට ද හිමි හිඟ මුදල් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අස්වැසුම ප්‍රතිලාභ මණ්ඩලය පසුගිය සතියේ එකඟතාවය පළ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.