පොලිස් ස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාම වළක්වන කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නැති බැවින් ජනතාවට පොලිස් ස්ථාන තුළට ජංගම දුර කථන රැගෙන යාමට බාධාවක් නැතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය . ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මතුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි .
පොලිස් ස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරමින් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව අවධාරණය කළ ඔහු, ඕනෑම පුද්ගලයෙකුට ජංගම දුරකථනයක් රැගෙන පොලිස් ස්ථානයකට ඇතුළු වීමේ හැකියාව පවතින බව බව පැවසීය .
කෙසේ වෙතත්, පොලිස් සිරකූඩුවල රඳවා සිටින පුද්ගලයන්ට දුරකථන සංවාද ලබාදීම සම්බන්ධයෙන් යම් යම් සීමාවන් පැවතිය හැකි බව ද ඔහු එහිදී පැවසීය .