හෙට දුම්රිය සේවා සාමාන්‍ය පරිදි .

ලබන 30 වැනිදා සියලුම දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත කරමින්, එම දෙපාර්තමේන්තුව පවසනුයේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති ගණනාවක් එක්ව හෙට දිනයේ කරන්නට නියමිත වැඩවර්ජනයෙන් දුම්රිය සේවාවන්ට බලපෑමක් නොවනු ඇති බවයි .

අයවැයෙන් ප්‍රමාණවත් දීමනා ලබානොදීම හේතුවෙන් වෘත්තීය සමිති රැසක් එදින වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලැසුම් කර ඇත.