රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා පමණක් මේ වන විට වසරකට රුපියල් බිලියන 900කට ආසන්න මුදලක් වැය වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය . ඔහු මේබව පැවසුවේ ඊයේ (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඇතුළු මෙම සියලු වියදම් පියවනු ලබන්නේ මෙරට මහජනතාව ගෙවන බදු මුදල් යොදාගෙන බවත්, මහජන මුදලින් වැටුප් ලබනා රජ්‍ය සේවකයන් මනා අවබෝධයකින් හා වගකීමකින් යුතුව රාජකාරි ඉටු කළයුතු බවත් අමාත්‍යවරයා පැවසීය .
අමාත්‍යවරයා පැවසුවේ මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,600 ක්ද සෞඛ්‍ය පද්ධතියට එක්වන බවය .
එමෙන්ම නව පත්වීම්ලාභීන්ට ජනවාරි මාසයේ මූලික වැටුප් වැඩිවීමක්ද, ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්ද ලබා දීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .