නෙදර්ලන්තයේ ව්‍යාජ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයන් නොමඟ යවමින් සිටුනා බවත්, මෙවැනි සාපරාධී කටයුතුවලට මේ වනවිටත් කිහිප දෙනෙක් ගොදුරුව ඇති බවත් ශ්‍රී ලංකාවේ පිහිටි නෙදර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .
මේ ආකාරයේ ජාවාරම් කරුවන් නෙදර්ලන්ත ආගමන විගමන සේවාවන්හි ව්‍යාජ ලිපි ද නිර්මාණය කර ඇතිබවත්, මේ වන විටත් එවැනි ලිපි කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බවත් තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි .
“සාමාන්‍යයෙන් සෑම රැකියා වර්ගයක්ම සඳහාම නෙදර්ලන්තය විසින් රැකියා වීසා (work visas) නිකුත් කරනු නොලැබේ. එහෙත් ඉහළ නිපුණතාවක් සහිත උසස් තාක්ෂණික (High Skilled High Tech) රැකියා වැනි සුවිශේෂී අවස්ථාවලදී පමණක් සැබෑ රැකියා අවස්ථා තිබිය හැකිය. අනෙක් සියල්ල රැකියා අවස්ථා ව්‍යාජව නිර්මාණය කළ ඒවාවෙයි .” යනුවෙන් එම නිවේදනයේ අවධාරණය කර ඇත.
නෙදර්ලන්තයේ රැකියා සඳහා බඳවාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය පහසුකම් සපයන්නේ නැති බවත්, රැකියාවක් සඳහා මූල්‍ය ගණුදෙනුවකට පෙර අදාළ සේවායෝජකයන්ගෙන් සෘජුවම විමසා බලන ලෙසත් තානාපති කාර්යාලය පවසයි . එවැනි ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් වහාම නීතිමය සහාය ලබා ගන්නා ලෙසත්ද එම නිවේදනය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී .